පවතින සංචාරණ සීමා තවදුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳව විවිධ නිර්දේශ පැමිණ ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය.


නමුත් ඒ ගැන මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ද ඔහු පැවසීය.


දිනකට කොරෝනා ආසාදිතයන් තුන්දාහකට ආසන්න ප්‍රමාණයක් තවදුරටත් වාර්තා වීම සැලකිය යුතු තත්ත්වයක් බවත් පවසන ඒ මහතා ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් අදාළ තීන්දු නිසි වෙලාවට ගනු ඇති බවද කියා සිටියේය.


කෙසේ වෙතත් නැවත කවදා හෝ රට විවෘත කරන තෙක් ජනතාව නිවෙස්වලට වී සෞඛ්‍ය ආරක්ෂිතව සිටීම වසංගතය පාලනයට ඉතා වැදගත් බවද ඔහු පැවසීය.


එළැඹෙන 21 වෙනිදා දක්වා සංචරන සීමා දීර්ඝ කරන බවට සති අන්ත පුවත්පත් විසින් කර තිබූ වාර්තාව ගැන විමසීමේ දී හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.