රජය සතු ඉඩම්, පුද්ගලීකරණය කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු ජනවරමක් ලැබී නොමැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.


අද (10) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්,


“මේ අවස්ථාවේ රජය සෙලන්දිව නමින් පෝට්සිටි එක යටතේ සමාගම් 3ක් පිහිටුවලා අපේ රජය සතු ආයතන, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, ගෆූර් ගොඩනැගිල්ල, යොක් වීදියේ රජයට අයත් ගොඩනැගිලි, විදේශ අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල, තැපැල් දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ල, පොලිස් මුලස්ථානය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානය, කොම්පඤ්ඤවීදිය පොලීසිය, පොලිස් ක්‍රීඩාංගනය, පොලිස් නිවාස සංකීර්ණය ගුවන් හමුදා කඳවුර සහ ක්‍රීඩංගනය, MOD සයිබර් කාර්යාලය කියන සියලුම රජය සතු ආයතන සමාගම් තුනක් යටතේ පිහිටුවලා රාජ්‍ය දේපළ ඒවට පවරාගෙන ක්‍රියාත්මක කරන්න හදනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මේ රාජ්‍ය දේපළ ජනතාව සතුයි. මේවා අලෙවි කිරීමට හෝ වෙන්දේසි කිරීමට කාටවත් ඉඩදෙන්නේ නෑ. මේවා හරියට සාංඝික දේපළ වගේ කියලා හිතලා කටයුතු කරන්න කියලා අපි රජයට කරුණාවෙන් දැනුම්දෙනවා.“