ඊයේ දිනය පුරා ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් ගංවතුර ගැලීම් පිළිබඳ වාර්තා වී තිබෙනවා. මේ වනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම ජලයෙන් යට වී තිබේ.


මේ නිසා කඩවත දෙස සිට පැමිණෙන වාහනවලට කඩුවෙල පිවිසුමෙන් පිටවීමට බාධා සිදුව ඇති අතර ඒ වෙනුවෙනට අතුරුගිරිය පිවිසුම භාවිතා කරන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබේ.