2019 වසර අවසන් වෙද්දී මෙරට සමස්ත ණය ප්‍රමාණය වූයේ ටි‍්‍රලියන 13ක් බවත් 2020 වසර අවසාන වනවිට ට්‍රිලියන 15 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.


එනම් වසරක් තුළ ට්‍රිලියන 2 ක මුදලක් වත්මන් ආණ්ඩුව විසින් ණය ගෙන ඇතැයිද ඔහු පැවසීය.


මෙතරම් විශාල ණය මුදලකින් කලේ කුමක්දැයි පෙන්වන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේ ය.


කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.