කොරෝනා මර්දනය සඳහා මෙරට එන්නත් කරමින් ඇති චීනයේ සයිනෆාම් එන්නත් ගෙන්වීමේදී මුදල් වංචාවක් සිදුවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සදහන් කරයි.



එහි එන්නත් මාත්‍රාවක් ශ්‍රී ලංකාව ලබාගන්නේ බංගලාදේශයට වඩා ඩොලර් පහක් වැඩියෙන් ගෙවමින් බවද ඔහු පවසයි.


එසේ ගෙවන ඩොලර් 05ක මුදලක් හොංකොංහි පිහිටි ගිණුමකට බැර වන බවද ඔහු කියා සිටියේය.


කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.