මෙරටට මර්බන් බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව මෙරට සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි නයිජීරියානු සමාගමක් වෙත පිරිනමා තිබේ.


එමෙන්ම මෙරටට ඩීසල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට පිරිනමා ඇත.


අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය.


මේ සදහා සැපයුම්කරුවන් ලංසු කැඳවීම සිදුකර ඇති බවත් ඒ අනුව විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි මෙම කොන්ත්‍රාත්තුව ඇති බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.