එළඹෙන අගෝස්තු මස 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි, වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.



මෙතෙක් කලක් එය හඳුන්වනු ලැබුවේ, යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය ලෙසය.



විශ්වවිද්‍යාල පනතේ බලතල ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.


 මෙරට 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස වව්නියාව විශ්වවිද්‍යාලය ඉතිහාස ගතවනු ඇති.


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, ව්‍යාපාර අධ්‍යයන, ව්‍යාහාරික විද්‍යා සහ තාක්ෂණික අධ්‍යයන යන පිඨ 03 කින් මෙම විශ්වවිද්‍යාලය සමන්විත බවය.