ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අවසන් පූර්ව තරගයේදී ලොව අංක එකේ ක්‍රීඩක නොවාක් ජොකොවිච්  රෆායෙල් නඩාල්ව පරාජය කරයි.


 14 වන වරටත් ප්‍රංශ විවෘත තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට ජොකොවිච් සහ වසර පහකට පසුව නඩාල්  පරාජය කරන ජොකොවිච් මෙම තරගය සඳහා තරඟ වැදුණේ රසිකයන්ගේ දැඩි බලාපොරොත්තු මධ්‍යයේ ය.  තරගයේ පළමු වටයේ  6-3ක් ලෙස නඩාල් ජය ගත්තේය.  දෙවන වටයේ  6-3ක් ලෙස ජොකොවිච් ජය ගත්තේය. 


 3 වන වටයේ  ආධිපත්‍යය දැරූ ජොකොවිච් 7-6ක් ලෙස නඩාල් පරාජය කර  පුදුමයට පත් කළේය.  තරගය වට 5 ක් දක්වා දීර්ඝ  යනු ඇතැයි අපේක්ෂා වූ අතර  ජොකොවිච් සිව්වන වටය 6-2 ලෙස ජය ගත්තේය.  තරගය ඉතා තියුණු  වූ අතර පැය 4 යි විනාඩි 10 ක් පැවතුනි.  


පසුගිය ප්‍රංශ විවෘත තරගමාලාවේදී අවස්ථා 5න් නඩාල්ව ජොකොවිච් පරාජය කල පළමු අවස්ථාව මෙයයි.


 හෙට පැවැත්වෙන අවසන් මහා තරඟයේදී ජොකොවිච් ග්‍රීසියේ සිට්සිපාස් සමඟ තරග වැදීමට නියමිතය.