බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය කටයුතු සූදානම් කරමින් සිටියි.


එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකිවයුතු බවට සඳහන් කරමින් හැකි ඉක්මනින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.


යෝජනාව සම්මත කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානය ද සහාය ලැබෙන බව ද ඔහු පැවසීය.


ඉන්ධන මිල ඉහල දැමීමට විරුද්ධව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහාය ද ඊට ලැබෙන බව විශ්වාස කරන බවද ඒ මහතා කියා සිටියේය.


මේ අතර සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග පවසන්නේ මෙම විශ්වාස භංගය ගෙන ඒම සදහා කටයුතු කරන ලෙස ආණ්ඩු පාර්ශවයේ පිරිසකගෙන්ම සහාය ලැබී ඇති බවය.