ඉන්දියානු සමාගමක් වන භාරත් බයෝටෙක් විසින් නිෂ්පාදනය කරන කොවාක්සින් එන්නත සඳහා හදිසි අවස්තාවන් සදහා භාවිතා කිරිමට අනුමැතිය  එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කර තිබේ.  පසුගිය වසරේ ජනවාරි මැද භාගයේදී ඉන්දියාවේ එන්නත භාවිතා කිරීමට ඉන්දීය රජය හදිසි අවසරයක් ලබා දී තිබුණි.  එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) මෙම ඖෂධය  සඳහා හදිසි අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.


 කොවාක්සින් නිපදවනු ලබන්නේ අක්‍රිය ( Inactivated ) වෛරස් වේදිකාව මත ය.  භාරත් බයෝටෙක් හි අනුබද්ධ සමාගමක් වන ඔකුජන් ( Ocugen )

එක්සත් ජනපදයේ හදිසි අවස්ථාවන් සඳහා මෙම ඖෂධ  භාවිතා කිරීමට ඉල්ලුම් කර තිබුණි.


 සමාගම එක්සත් ජනපද ආහාර හා ඖෂධ  පරිපාලන (FDA) වෙතින් අවසර පැතු අතර   එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ  පරිපාලනය ප්‍රමාණවත් තොරතුරු නොමැති බව සඳහන් කර ඖෂධය අනුමත කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.  වැඩි විස්තර සහ දත්ත ඉදිරිපත් කරන ලෙස FDA ඉල්ලා ඇත.


 මෙම ඖෂධ  ආරක්ෂිත බව සනාථ කිරීම සඳහා FDA වැඩි දත්ත ඉල්ලා ඇති බව පෙනේ.  මෙම ඖෂධ  ඵලදායීතාවය පිළිබඳව දැන ගැනීම සඳහා මෙය පරීක්ෂණයක් ලෙස පෙනේ.