image


 

දැනට පවතින ඕනෑම කොරෝනා එන්නතකට එය ජීවිත කාලය පුරාම ප්‍රතිශක්තිය ලබා දෙන බවට සහතික විය නොහැකි බව මහාචාර්ය අර්ජුන ඩි  සිල්වා මහතා පැවසුවේ 


 තවද, කොරෝනා වෛරසයට එරෙහිව එන්නත්  දෙකම ලබා ඇති පුද්ගලයෙකුට අවම වශයෙන් වසරක්වත් ප්‍රතිශක්තිය ඇති බව සැලකේ.


 එසේම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය වසරකට වැඩි කාලයක් පවතින්නේද නැද්ද යන්න පිළිබඳව විද්‍යාත්මක පිළිතුරක් මෙතෙක් සොයාගෙන නොමැත.


 එබැවින් කොරෝනා එන්නත වසරකට වරක් හෝ  දෙවසරකට වරක් ලබා ගත  යුතු වාතාවරණයක් ඇති වෙයිද යන්න තහවුරු කළ නොහැක.