මෙරට කොරෝනා මර්දනය සඳහා භාවිත කරන චීනයේ සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ දහයක් අද අළුයම මෙරට පැමිණ තිබේ.


එක්වරකදී මෙරට ආ විශාල ම එනනත් තොගය මෙයයි.


තවත් සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ දහයක් ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිතව තිබේ.


එමෙන්ම රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා තොගයක් ද මෙම සතියෙදි ලැබීමට නියමිතව ඇත.