image



වාතය හරහා පැතිරීම සිදු වන්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදුනාගෙන ඇති නව කොරෝනා වෛරස ප්‍රභේදයක් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියා සිටියි.


එනිසා වෛරසයෙන් ආරක්ෂාව සඳහා සෑම විටම සෞඛ්‍ය මාර්ගඋපදේශ පිළිපදින ලෙස ද ඇය දැඩිව ඉල්ලා සිටියාය.


අවවශ්‍ය සෑම විටම මුව ආවරණ පළදින ලෙසද පවසන ඇය නව වෛරස ප්‍රභේදය ආසාදිතයන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් වැඩි යයිද තරුණ ප්‍රජාවටද රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවද කියා සිටියාය.


ඇය මෙම අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.